දහම් පාසල් හෙට සිට යළි විවෘතයි..

දහම් පාසල් හෙට සිට යළි විවෘතයි..

by Staff writer 16-01-2021 | 3:07 PM

COLOMBO (News 1st) - බස්නානහිර හා හුදෙකලා කළ ප්‍රදේශ හැර දිවයිනේ සෙසු සියලු ප්‍රදේශවල බෞද්ධ දහම් පාසල් හෙට(17) යළි විවෘත කිරීමට නියමිතය.

බෞද්ධ කටයුතු කොමසාරිස ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ, දහම් පාසල් පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය නිර්දේශ ගණනාවක් නිකුත් කර ඇති බවයි. එම උපදෙස් පිළිපදින්නැයි දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන්ගෙන් ඔහු ඉල්ලීමක් කළේය.