ඔ‌බේ ප්‍රදේශයෙත් මීදුම පවතිනවාද?

කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශවල මීදුම් තත්ත්වයට හේතුව දන්නවාද?

by Staff writer 16-01-2021 | 2:42 PM

COLOMBO (News 1st ) - මේ දිනවල දිවයින ආශ්‍රිතව වායුගෝලයේ මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, සාමාන්‍යයෙන් ජනවාරි හා පෙබරවාරි මාසවල මෙරට මීදුම් තත්ත්වයක් ඇති වීම සාමාන්‍ය සංසිද්ධියක් බවයි. මේ දිනවල කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශවල අලුයම් සහ උදෑසන කාලයේ දැකිය හැකි මීදුම් තත්ත්වය පිළිබඳව අප කළ විමසීමකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. අහසේ පවතින මීදුම් තත්ත්වයට හේතුව වායුගෝලයේ දූවිලි අංශුවල ඉහළ යාමක් නොවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේය.