කෙසෙල්ගමුව ඔයේ කාන්තා මළ සිරුරක්..

කෙසෙල්ගමුව ඔයේ කාන්තා මළ සිරුරක්..

by Staff writer 16-01-2021 | 4:39 PM

COLOMBO (News 1st) – නෝවුඩ්, කෙසෙල්ගමුව ඔයේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත එම මළ සිරුර සොයාගත් බවයි. ඇය මස්කෙලිය ප්‍රදේශයේ කාන්තාවක් බව හඳුනාගෙන තිබේ. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර දික්ඔය මූලික රෝහලට රැගෙන ගිය බව අප වාර්තාකරු සඳහන් කළේ ය.