උපකාරක පන්ති ලබන 25 වැනිදා සිට..

උපකාරක පන්ති ලබන 25 වැනිදා සිට: පන්ති පැවැත්විය හැකි නිර්දේශ මෙන්න..

by Chathurika Jayasundara 16-01-2021 | 6:20 PM

COLOMBO (News 1st) – බස්නාහිර හා හුදෙකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති ලබන 25 වැනිදා සිට පැවැත්වීමට අවසර ලබා දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට නවතා දමා ඇති උපකාරක පංති පැවැත්වීමට අදාළ චක්‍රලේඛනය ඊයේ(15) නිකුත් කළ බවත්, ජනවාරි මස 25 වැනි දා සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබා දී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා අද (16) ප්‍රකාශ කළේ ය. ඒ අනුව , 1. උපකාරක පංතියට සහභාගී කර ගත හැක්කේ, ඉද ගැනීමට තිබෙන පුටු ප්‍රමාණයෙන් 50% ක් සහ උපරිම සංඛ්‍යාව ළමුන් 100ක් දක්වා පමණි. 2. ආරම්භ කළ හැක්කේ, අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්ති පමණි. 3. උපකාරක පන්ති සඳහා දිස්ත්‍රික්ක හරහා පැමිණීමට අවසර නොමැත . 4. අදාළ දිස්ත්‍රික්කය ඇතුළත ළමුන්ට හා ගුරුවරුන්ට උපකාරක පන්ති පවත්වාගෙන යා හැකිය.