ජෝ රූට් 4වන ද්විත්ව ශතකය වාර්තා කරයි

ශ්‍රී ලංකාව තවත් අසරණ කරමින් ජෝ රූට්ගෙන් ද්විත්ව ශතකයක්..

by Chathuranga Rajapaksha 16-01-2021 | 10:54 AM
COLOMBO (News 1st): එංගලනත්යේ ජෝ රූට් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිව්වෙනි ද්විත්ව ශතකය වාර්තා කිරීමට අද සමත් විය. ඒ, ශ්‍රී ලංකාව සමග දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදීය. ගාල්ලේදී පැවැත්වෙන තරගයේ 3වන දිනය අදයි. රූට් මේ වනවිට ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග ගණන 98කි. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම මේ වනවිට කඩුලු 7ක් දැවී ලකුණු 382ක් ලබා සිටී. ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135ක් පමණි.