වගා නොකළ ඉඩම්වල වගා කිරීමට සැලසුම්

වැවිලි සංස්ථාවේ වගා නොකළ ඉඩම්වල වගා කිරීමට සැලසුම්

by Staff writer 16-01-2021 | 7:45 AM

COLOMBO (News 1st) - රාජ්‍ය වැවිලි සංස්ථාව සතු දැනට වගා නොකළ ඉඩම් ඵලදායී වගාවන් සඳහා යොදා ගැනීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

එහි සභාපති ශ්‍රීමාල් විජේසේකර මහතා සඳහන් කළේ ඒ අනුව තේ, කිතුල් සහ එනසාල් වගාව ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි. නිසි කළමනාකරණයක් නොමැතිව ඉඩම් අතහැර දැමීම හේතුවෙන් රාජ්‍ය වැවිලි සංස්ථාව පසුගිය කාලයේ විශාල පාඩුවක් දැරූ බව ද ඔහු ප්‍රකාශ කළේය. දැනට වැවිලි සංස්ථාව සතුව ඇති වතු සංඛ්‍යාව 18ක් වන අතර එහි විශාලත්වය හෙක්ටයාර් දස දහසකට අධික බව ද සභාපතිවරයා පැවසුවේය.