
ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් අමෙරිකාව කළඹන වැඩකට අතගසන ලකුණු?
ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් අමෙරිකාව කළඹන වැඩකට අතගසන ලකුණු?
කර්තෘ Chathurika Jayasundara
COLOMBO (News 1st) – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටනය හැර යාමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නමුත් ඒ බව නිල වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශවයෙන් වාර්තා කර නොමැත.
කෙසේ නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , අමෙරිකාවේ නව ජනපති ජෝ බයිඩ්න් දිවුරුම් දීමට පෙර ට්‍රම්ප් වොෂින්ටනය හැර යන බව යි.
නව ජනපති ජෝ බයිඩ්න්ගේ ජනාධිපති පදවි ප්රාප්ති උළෙලට ද ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී නොවන බව සඳහන් ය.
1869 වසරේදී ද මෙවැනි අවස්ථාවකට අමෙරිකාවට මුහුණ දීමට සිදු විය.
ඒ , අමෙරිකානු 18 වන ජනාධිපති වන යුලිසෙස් එස් ග්‍රාන්ට්ගේ දිවුරුම් දීමේ සමාරම්භක අවස්ථාවට සහභාගි වීම ඊට පෙර සිටි 17 වන ජනාධිපති වන ඇන්ඩෲ ජොන්සන් ප්‍රතික්ෂේප කිරීමයි.
ඉන් පසුව තම අනුප්‍රාප්තිකයාගේ සමාරම්භක අවස්ථාව මග හැරුණු පළමු ජනාධිපතිවරයා ලෙස අමෙරිකානු දේශපාලන ඉතිහාසයට එක් වන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ය.
ට්‍රම්ප් වෙනුවට උප ජනාධිපති මයික් පෙන්ස් ඒ සඳහා සහභාගි වනු ඇති.
එසේම ට්‍රම්ප් නව ජනාධිපති ජෝ බයිඩ්න්ට හමුවීමට හෝ රැස්වීමක් සඳහා ධවල මන්දිරයට ආරාධනා කර නොමැති බවත් වාර්තා වේ.
ට්‍රම්ප් ධූරයෙන් නික්ම යන උත්සවයේදී රතු පලස මතින් ඔහුව පිළිගැනීමටත්, ආචාර වෙඩි මුර 21 ක් සමගින් හමුදා ගෞරව ලබා දීමටත් සැලසුම් කර ඇතැයි විදේස් මාධ්‍ය පවසයි.
ප්‍රචණ්ඩත්වයට තුඩු දෙන පණිවුඩ යොමු කිරීමේ හේතුව මත පදනම්ව ට්‍රම්ප්ගේ ට්විටර් (Twitter) ගිණුම ද ස්ථිරවම අත්හිටුවීමට ට්විටර් සමාගම පසුගිය දා තීරණය කළ අතර YouTube ගිණුම අත්හිටුවීමට ද Google සමාගම පියවර ගෙන තිබේ.
වොෂින්ටනයේ කැපිටල් හිල් වෙත එල්ල වූ ප්‍රහාරයත් සමග අමෙරිකානු ජනාධිපතිවරයාට Facebook ගිණුම හරහා අදහස් පළ කිරීම ද අවහිර කෙරිණි.
ට්‍රම්ප් සම්බන්ධයෙන් ලෝක දේශපාලය තුළ ඇත්තේ, කළු පැල්ලමකි.
අමෙරිකානු ඉතිහාසයේ දෙවරක්ම දෝෂාභියෝගයට ලක්වූ එකම ජනාධිපතිවරයා වනනේ ට්‍රම්ප් ය .
කැපිටල් හිල් හෙවත් අමෙරිකානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන් උසිගැන්වීමේ චෝදනා මත මෙම දෝෂාභියෝගය ගොනු කෙරිණි.
- ඉන්දු – ශ්‍රී ලංකා මගී නැව් සේවයකට ගිවිසුම් අත්සන් කෙරේ..
- හම්බන්තොට වරායේ නැව් සඳහා චීනය තෙල් තොග සැපයුම අරඹයි..
- ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකලොස් සාර්කෝසිට වසර 3ක සිර දඬුවමක්
- තවත් කොරෝනා මරණ 05ක්..
- පැය 24 පුරා ක්‍රියාත්මක ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍ර ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ ලේකම් කාර්යාලයක් පිහිටුවයි
- පාස්කු ප්‍රහාරය: ජනාධිපති කොමිසමේ වාර්තාව කාදිනල් හිමිපාණන්ට
- නීතී ශිෂ්‍යයෙකුට පොලීසියේදී පහර දීම: විමර්ශන කටයුතු වෙනම ඒකකයකට දෙන්නැයි නියෝග..
- ශානි ගොනු කළ ප්රතිශෝධන අයැදුම්පත සලකා බැලීම ලබන 17 වැනිදා
- අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේ වාර්තාව මහ නාහිමිවරුන්ට පිළිගැන්වේ
- ගමන් මල්ලක දමා තිබූ හිස කඳින් වෙන් කළ තරුණියකගේ මළ සිරුරක් වේල්ල වීදියෙන්