
ජෝ රූට් මෙන්ඩිස්ට කළ වැඩේ ගැන හැමෝම කතා කරයි..
ජෝ රූට් මෙන්ඩිස්ට කළ වැඩේ ගැන හැමෝම කතා කරයි..
කර්තෘ Chathuranga Rajapaksha
COLOMBO (News 1st): එක දිගට ටෙස්ට් ඉනිම 4කදී ලකුණු නොලබා පිටියෙන් දැවී ගිය කුසල් මෙන්ඩිස් අද ලකුණු 15ක් ලබා ගැනීමට සමත් විය.
ඒ, එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉනිමේදීය.
මේ අතර මෙන්ඩිස් සිය ඉනිම ආරම්භ කිරිමට පෙර සුවිශේෂි සිදුවීමක් අද තරගය අතර තුර සිදුවිය.
ඒ ඔහු සිය පළමු පන්දුවට මුහුණ දීමට පෙර එංගලන්ත නායක ජෝ රූට් කුසල් මෙන්ඩිස් අසලට පැමිණ ඔහුගේ වම් අත මිට මොලවා කුසල් වෙත දිගු කර ඔහුට සුබ පැතුම් එක් කිරීමයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය, ජීව ගුණය පිළිඹිබු කරමින් රූට් සිදු කළ මෙම ක්‍රියාව මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ලොවපුරා ප්‍රේක්ෂකයින්ගේ කතාබහට සහ ප්‍රසාදයට ලක්වූ සිදුවීමක් බවට පත්ව තිබේ.
ජෝ රූට් මෙම තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිව්වැනි ද්විත්ව ශතකය ලබා ගැනිම ද විශේෂත්වයකි.
ඔහු ලබා ගත් ලකුණු ගණන 228කි.
පන්දු 65කට මුහුණ දුන් කුසල් මෙන්ඩිස් ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් ලබා දී ලකුණු 15කට දැවී ගියේය.
එංගලන්තයට වඩා ලකුණු 286ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලේ සබඳතාවය ලකුණු 101කි.
සිය 7වන අර්ධ ශතකය වාර්තා කළ කුසල් ජනිත් පෙරේරා ලකුණු 62ක් ලබා සිටියදී උඩපන්දුවක් ලබා දී පිටියෙන් දැවී ගියේය.
ලහිරු තිරිමාන්න 7වන අර්ධ ශතකය අද ලබා ගත්තේය.
ඔහු නොදැවී රැස් කරගෙන සිටින ලකුණු ගණන 76කි.
3වන දිනයට අද තරගය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 156ක් ලබා සිටී.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පිටුපසින් සිටින ලකුණු ගණන 130කි.
ගාල්ලේදී පැවැත්වෙන තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 135කට දැවී ගිය අතර ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 421ක් ලබා ගැනීමට සමත් විය.
- නව ජාතික පාසල් 626 ක්..
- හබරණ ළැඟුම්හලක පවත්වාගෙන ගිය ව්‍යාජ ලේඛන සකස් කරන ජාවාරමක් වටලයි
- උතුරේ විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 35ක්
- ගිනි අවි 02 ක් හා කඩු 2 ක් සමග සැකකරුවෙකු STF දැලේ..
- පාස්කු අවසන් වාර්තාවේ නිර්දේශ අධ්‍යනයට පත් කළ අනු කමිටුව ලබන 12 වැනිදා රැස්වෙයි..
- සරණාගතභාවය පතා ඉන්දියාවට පලා ගිය පොලිස් නිලධාරීන් යළි සිය රටට එවන්නැයි මියන්මාරය ඉල්ලයි..
- ලබන 15 බස්නාහිර පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ඉල්ලයි..
- පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරන ‘කළු ඉරිදා’ දිනය අදයි..
- කොවැක්ස් පහසුකම යටතේ පළමු කොරෝනා එන්නත් තොගය දිවයිනට..
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…