
ආදිවාසී ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ගම්මැද්දෙන් සුවිශේෂී පියවරක්..
ආදිවාසී ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ගම්මැද්දෙන් සුවිශේෂී පියවරක්..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – මෙරට ආදිවාසී ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ගම්මැද්ද අද(16) තවත් සුවිශේෂී කටයුත්තක් ආරම්භ කළේය.
ඒ දඹාන ආදිවාසී ජන උරුම බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සම්පුර්ණ කිරීමේ වැඩ අරඹමිනි.
මේ සදහා ගම්මැද්ද සමගින් අත්වැල් බැඳගත්තේ එක්ස්පෝ ලංකා (EXPOLANKA) පෞද්ගලික සමාගමයි.
මෙහිදී සංකේතාත්මකව ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කිරීම සඳහා සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ, සමූහ අධ්යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා, එක්ස්පෝ ලංකා පෞද්ගලික සමාගමේ සමූහ අධ්යක්ෂ සැමි අක්බාර් මහතා සහ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් එක්ව සිටියහ.
රටේ පවතින තත්ත්වයට අනුගත වෙමින් සෞඛ්‍ය ආරක්ෂිතව මෙහි සියලු කටයුතු සිදු කරනු ලැබිණි.
මෙම අවස්ථාවට එක්ස්පෝ ලංකා පෞද්ගලික සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ඇතුළු ගම්මැද්ද සහ News 1st කාර්ය මණ්ඩල සාමාජිකයින් එක්ව සිටියහ.
මෙහිදී ආදිවාසී ජනතාව සාම්ප්‍රදායික කිරි කොරහා නර්තනය ඉදිරිපත් කරමින් සිය සතුට පළ කරමින් ආශිර්වාදය එක් කළේය.
මීට අමතරව ඊයේ(15) සවස දඹාන ආදිවාසී ජනතාව එක්ව ගම්මැද්ද සවිය සංවිධානයක් පිහිටුවා ගත්තේ තම ගම්මානය වෙනුවෙන් ඉදිරි සංවර්ධන කටයුතු සඳහා පදනම සකස් කර ගනිමිනි.
එහිදී දඹාන ආදිවාසී ගම්මානයේ සවිය සමිතියෙ සභාපතිත්වය ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට හිමිවිය.
එම අවස්ථාවට ගම්මැද්ද මහ ලේකම් ප්‍රසන්න අතුකෝරළ මහතා ඇතුළු News 1st කාර්යය මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙකු ද එක්ව සිටියහ.
- හබරණ ළැඟුම්හලක පවත්වාගෙන ගිය ව්‍යාජ ලේඛන සකස් කරන ජාවාරමක් වටලයි
- උතුරේ විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 35ක්
- ගිනි අවි 02 ක් හා කඩු 2 ක් සමග සැකකරුවෙකු STF දැලේ..
- පාස්කු අවසන් වාර්තාවේ නිර්දේශ අධ්‍යනයට පත් කළ අනු කමිටුව ලබන 12 වැනිදා රැස්වෙයි..
- සරණාගතභාවය පතා ඉන්දියාවට පලා ගිය පොලිස් නිලධාරීන් යළි සිය රටට එවන්නැයි මියන්මාරය ඉල්ලයි..
- ලබන 15 බස්නාහිර පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ඉල්ලයි..
- පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරන ‘කළු ඉරිදා’ දිනය අදයි..
- කොවැක්ස් පහසුකම යටතේ පළමු කොරෝනා එන්නත් තොගය දිවයිනට..
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- කොදෙව් ලෙජන්ඩ්ස් ඉදිරියේ ඩිල්ෂාන් ප්රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ට ජයක්