home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ආදිවාසී ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ගම්මැද්දෙන් සුවිශේෂී පියවරක්..
by Staff writer
16-01-2021 | 4:20 PM
COLOMBO (News 1st) – මෙරට ආදිවාසී ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ගම්මැද්ද අද(16) තවත් සුවිශේෂී කටයුත්තක් ආරම්භ කළේය.
ඒ දඹාන ආදිවාසී ජන උරුම බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සම්පුර්ණ කිරීමේ වැඩ අරඹමිනි. මේ සදහා ගම්මැද්ද සමගින් අත්වැල් බැඳගත්තේ එක්ස්පෝ ලංකා (EXPOLANKA) පෞද්ගලික සමාගමයි. මෙහිදී සංකේතාත්මකව ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කිරීම සඳහා සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ, සමූහ අධ්යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා, එක්ස්පෝ ලංකා පෞද්ගලික සමාගමේ සමූහ අධ්යක්ෂ සැමි අක්බාර් මහතා සහ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් එක්ව සිටියහ. රටේ පවතින තත්ත්වයට අනුගත වෙමින් සෞඛ්‍ය ආරක්ෂිතව මෙහි සියලු කටයුතු සිදු කරනු ලැබිණි. මෙම අවස්ථාවට එක්ස්පෝ ලංකා පෞද්ගලික සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ඇතුළු ගම්මැද්ද සහ News 1st කාර්ය මණ්ඩල සාමාජිකයින් එක්ව සිටියහ. මෙහිදී ආදිවාසී ජනතාව සාම්ප්‍රදායික කිරි කොරහා නර්තනය ඉදිරිපත් කරමින් සිය සතුට පළ කරමින් ආශිර්වාදය එක් කළේය. මීට අමතරව ඊයේ(15) සවස දඹාන ආදිවාසී ජනතාව එක්ව ගම්මැද්ද සවිය සංවිධානයක් පිහිටුවා ගත්තේ තම ගම්මානය වෙනුවෙන් ඉදිරි සංවර්ධන කටයුතු සඳහා පදනම සකස් කර ගනිමිනි. එහිදී දඹාන ආදිවාසී ගම්මානයේ සවිය සමිතියෙ සභාපතිත්වය ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට හිමිවිය. එම අවස්ථාවට ගම්මැද්ද මහ ලේකම් ප්‍රසන්න අතුකෝරළ මහතා ඇතුළු News 1st කාර්යය මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙකු ද එක්ව සිටියහ.
වෙනත් ලිපි
නව වසරේ මෙරට රන් මිල තවත් ඉහළ යන බවට අනාවැකි..
නායයෑමට ලක්වූ රෝහල් 8ක් වෙනත් ස්ථාන වෙත
අක්‍රීය වූ සුනාමි කුළුණු යළි සක්‍රීය කිරීම ඇරඹේ..
ජාතික සුරක්ෂිත දිනය අදට යෙදී තිබේ..
දකුණු මුහුදෙන් හමුවූ මත්ද්‍රව්‍ය වලට මොකද වෙන්නේ?
දිනක් තුළ අධිවේගී මාර්ගවල ආදායම 25%කින් ඉහළට..
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය