
Park & Ride ගමනට කලින් මේ ගැනත් දැන ගන්න….
Park & Ride ගමනට කලින් මේ ගැනත් දැන ගන්න….
කර්තෘ Sagarika Chathumali
COLOMBO (News 1st) : “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර අද (15) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ විය.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයට අනුව එලෙස අද ආරම්භ වූ “Park & Ride” බස් රථ සේවාවේ විශේෂතා පහත පරිදි වේ.
*ආසන සංඛ්‍යාවට මගීන් රැගෙන යාම සඳහා සුඛෝපභෝගී බස්රථ පමණක් යොදා ගැනේ.
* අය කෙරෙන මුදල සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයකි.
* සීමිත නැවතුම්පොළ සංඛ්‍යාවකින් පමණක් මගීන් නංවා ගැනීම
* අඩු කාලයකින් ගමනාන්තය කරා ළඟාවීම
* පෙ.ව 6.00 සිට පෙ.ව 8.00 සහ ප.ව 4.00 සිට ප.ව 9.00 දක්වා විනාඩි 15 කට වරක් බස් රථ ධාවනය කරනු ලැබේ.
* පෙ.ව 8.00ත් ප.ව 4.00 ත් අතර කාලය තුළ බස් රථ ධාවනය වන්නේ විනාඩි 25කට වතාවකි.
* දිනකට ගමන් වාර 64ක් සිදු කෙරේ.
*ආචාරශීලී, සුහදශීලී හා ආකර්ශණීය ප්‍රවාහන සේවාවක් සැලසීම
* තාක්ෂණය උපයෝගී කරගෙන දිනපතා පසුවිපරම කිරීම
* Clockwise හා Anti Clockwise ගමන් වර්ග දෙකක් ක්‍රියාත්මක වීම
* මගීන්ට සිය මෝටර් රථය බහුවිධ මධ්‍යස්ථානයට අයත් රථ ගාලෙහි මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම් හිමිවීම
වාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව මෙම සේවාව ආරම්භ කර ඇත්තේ, කොළඹ ඇතුළු තදාසන්න නගරවලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම අරමුණු කර ගනිමිනි.
මීට අමතරව පරිසර දූෂණය, වැය වන කාලය සහ මගීන්ගේ මානසික පීඩනය අවම කිරීම ද මෙමගින් අපේක්ෂිතයි.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය සහ බස් රථ කාල සටහන පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා විශේෂ යෙදවුමක් ද හඳුන්ව දී තිබේ.
බස් රථ සේවාව යටතේ ඇති බස් රථයක ගමන් කරමින් ජනාධිපතිවරයා එහි පහසුකම් නිරීක්ෂණ කර ඇති අතර ව්‍යාපෘතියට සමගාමීව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපනය කළ ස්වයං අළෙවි හළ ද ජනාධිපතිතුමා අතින් විවෘත කර තිබේ.
ඡායාරුප : ජනාධිපති මාධ්‍ය අංශය
- හබරණ ළැඟුම්හලක පවත්වාගෙන ගිය ව්‍යාජ ලේඛන සකස් කරන ජාවාරමක් වටලයි
- උතුරේ විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 35ක්
- ගිනි අවි 02 ක් හා කඩු 2 ක් සමග සැකකරුවෙකු STF දැලේ..
- පාස්කු අවසන් වාර්තාවේ නිර්දේශ අධ්‍යනයට පත් කළ අනු කමිටුව ලබන 12 වැනිදා රැස්වෙයි..
- සරණාගතභාවය පතා ඉන්දියාවට පලා ගිය පොලිස් නිලධාරීන් යළි සිය රටට එවන්නැයි මියන්මාරය ඉල්ලයි..
- ලබන 15 බස්නාහිර පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ඉල්ලයි..
- පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරන ‘කළු ඉරිදා’ දිනය අදයි..
- කොවැක්ස් පහසුකම යටතේ පළමු කොරෝනා එන්නත් තොගය දිවයිනට..
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- කොදෙව් ලෙජන්ඩ්ස් ඉදිරියේ ඩිල්ෂාන් ප්රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ට ජයක්