home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
Park & Ride ගමනට කලින් මේ ගැනත් දැන ගන්න....
by Sagarika Chathumali
15-01-2021 | 1:40 PM
COLOMBO (News 1st) : “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර අද (15) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ විය.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයට අනුව එලෙස අද ආරම්භ වූ “Park & Ride” බස් රථ සේවාවේ විශේෂතා පහත පරිදි වේ.
*ආසන සංඛ්‍යාවට මගීන් රැගෙන යාම සඳහා සුඛෝපභෝගී බස්රථ පමණක් යොදා ගැනේ.
* අය කෙරෙන මුදල සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයකි.
* සීමිත නැවතුම්පොළ සංඛ්‍යාවකින් පමණක් මගීන් නංවා ගැනීම
* අඩු කාලයකින් ගමනාන්තය කරා ළඟාවීම
* පෙ.ව 6.00 සිට පෙ.ව 8.00 සහ ප.ව 4.00 සිට ප.ව 9.00 දක්වා විනාඩි 15 කට වරක් බස් රථ ධාවනය කරනු ලැබේ.
* පෙ.ව 8.00ත් ප.ව 4.00 ත් අතර කාලය තුළ බස් රථ ධාවනය වන්නේ විනාඩි 25කට වතාවකි.
* දිනකට ගමන් වාර 64ක් සිදු කෙරේ.
*ආචාරශීලී, සුහදශීලී හා ආකර්ශණීය ප්‍රවාහන සේවාවක් සැලසීම
* තාක්ෂණය උපයෝගී කරගෙන දිනපතා පසුවිපරම කිරීම
* Clockwise හා Anti Clockwise ගමන් වර්ග දෙකක් ක්‍රියාත්මක වීම
* මගීන්ට සිය මෝටර් රථය බහුවිධ මධ්‍යස්ථානයට අයත් රථ ගාලෙහි මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම් හිමිවීම
වාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව මෙම සේවාව ආරම්භ කර ඇත්තේ, කොළඹ ඇතුළු තදාසන්න නගරවලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම අරමුණු කර ගනිමිනි. මීට අමතරව පරිසර දූෂණය, වැය වන කාලය සහ මගීන්ගේ මානසික පීඩනය අවම කිරීම ද මෙමගින් අපේක්ෂිතයි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය සහ බස් රථ කාල සටහන පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා විශේෂ යෙදවුමක් ද හඳුන්ව දී තිබේ. බස් රථ සේවාව යටතේ ඇති බස් රථයක ගමන් කරමින් ජනාධිපතිවරයා එහි පහසුකම් නිරීක්ෂණ කර ඇති අතර ව්‍යාපෘතියට සමගාමීව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපනය කළ ස්වයං අළෙවි හළ ද ජනාධිපතිතුමා අතින් විවෘත කර තිබේ.
ඡායාරුප : ජනාධිපති මාධ්‍ය අංශය
වෙනත් ලිපි
සැකකරුවන් 3ක් සොයන්න පොලීසිය මහජන සහය පතයි
ඔක්තෝබර් මාසයේ ගෑස් මිලේහි වෙනසක් නැහැ - ලිට්රෝ
ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෙට(05) දක්වා රිමාන්ඩ්.
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක්
අහුංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල..
විශේෂාංග
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය