මෙරට කොරෝනා නවතම තත්ත්වය

මෙරට කොරෝනා නවතම තත්ත්වය

by Sagarika Chathumali 15-01-2021 | 10:38 AM

COLOMBO (News 1st) : ගෙවුණු පැය 24 තුළ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 670 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය පවසන්නේ, එම ආසාදිතයින් සියලු දෙනා දේශීයව හඳුනා ගත් ආසාදිතයින් බවයි. හඳුනා ගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ආසාදිතයින් සංඛ්‍යාව 214කි. ගම්පහ, සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් ආසාදිතයින් 116ක් සහ 90ක් ලෙස වාර්තා වී තිබේ. ඉතිරි ආසාදිතයින් වාර්තා වී ඇත්තේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. පසුගිය පැය 24 තුළ පූර්ණ සුවය ලබා පුද්ගලයින් 480 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43,746ක් දක්වා ඉහළ ගියේ ය. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 6901 දෙනෙකු පමණි. අද වන විට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 50,899ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඊයේ (14) මරටින් නව කොරෝනා මරණ 4ක් වාර්තා වීමත් සමග මරණ සංඛ්‍යාව ද 251 ක් දක්වා ඉහළ ගියේ ය. කොරෝනා මරණ 4 වාර්තාවී තිබුණේ, ගල්ගමුව, ගිංතොට දකුණ , දුම්මලසූරිය සහ කොළඹ 13 යන ප්‍රදේශවලිනි. අද උදෑසන වනවිට විදෙස් රටවල සිට ලංකිකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර අද දිනයේත් තවත් පිරිසක් පැමිණීමට නියමිතව ඇත. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, එලෙස පැමිණෙන සියලු දෙනා ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බවයි. මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 81ක් තුළදී තුළ පුද්ලයින් 6,790 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 14, 565කි.