by Staff writer 15-01-2021 | 3:19 PM
COLOMBO (News 1st) : PCR පරීක්ෂණවලට ලක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වි තිබේ.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ මන්ත්‍රීවරුන් 15 දෙනා පසුගිය බදාදා PCR පරීක්ෂණවලට ලක් කළ බවයි.
මේ අතර අද දිනයේත් පාර්ලිමේන්තු සේවකයින්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී PCR පරික්ෂණ සිදු කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.
ඔහු සඳහන් කළේ, තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු PCR පරීක්ෂණ සිදුකර ගැනීමට අද දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ ඇති බවයි.
දයාසිරි ජයසේකර ,රවුෆ් හකිම් සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන් කොරෝනා ආසාදිත බව තහවුරු විමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 25 කු මේ වනවිට ස්වයං නිරෝධායනය සඳහා යොමු කෙරිණ.
මීට අමතරව අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් චමින්ද කුලරත්න යන මහත්වරුන්ට ද කොරෝනා ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් ද මේ වනවිට නිරෝධායනය සඳහා යොමු කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩල සමාජිකයින් 463 ක් සඳහා පසුගියදා PCR පරික්ෂණ සිදුකෙරිණ.