පෞ. වාහනයක යද්දිත් Mask අනිවාර්යය ද?

පෞ. වාහනයක යද්දිත් Mask පැළඳීම අනිවාර්යය ද?

by Sagarika Chathumali 15-01-2021 | 2:19 PM

COLOMBO (News 1st) : පෞද්ගලික වාහනයක ගමන් කිරීමේදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

News 1st කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සිය පවුලේ සාමාජිකයින් සමග ගමන් ගන්නා අවස්ථාවකදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බවයි. එහෙත් පෞද්ගලික වාහනයක පිටස්තර පුද්ගලයින් නංවා ගෙන යන්නේ නම්, එවැනි අවස්ථාවල මුව ආවරණ පැළඳීම අනිවාර්ය වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. මේ අතර පසුගිය දා කොළඹදී කළ මෙහෙයුම්වවලදී මුව ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගනු ලැබිණ.   https://www.youtube.com/watch?v=oeFyKfz1-tc&feature=youtu.be