.webp)
නැගෙනහිර පර්යන්තයේ වැදගත්කම කුමක්ද?
මීටර් 18 ක පමණ ගැඹුරක් ඇති මේ පර්යන්තයට ලොව මේ වනවිට ඇති විශාලතම නෞකා ඉතා පහසුවෙන් ඇතුල් කර නැංගුරම් දැමිය හැකියි.මේ වරායට ඉන්දියාව උනන්දු වන්නේ ඇයි?
ප්‍රධාන වරායන් 13 ක් ඇතුළු වරාය 200ක් දැනටමත් ඉන්දියාව සතුයි. ඉන් ප්‍රධාන වරායන් වන්නේ , ගුජරාට් හි ඩීන් දයාල් වරාය, ඔඩිසා ප්‍රාන්තයේ රදීප් වරයා, මාහාරාෂ්ඨ ප්‍රාන්තයේ ජවහල්ලාල් නේරු වරාය, ආන්ද්‍රා ප්‍රදේශ් හි විශාකාපට්නම් වරාය සහ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ මුම්බායටි වරයා ඊට ඇතූළත් වේ. ප්‍රධාන වරාය 13 කට හිමිකම් කියන ඉන්දියාව ඒමගින්, 2019 මූල්‍ය වසර සඳහා වරාය සේවා තුළින් ඉන්දියානු රුපියල් බිලියන 154 ක් උපයා ගනී. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙත ඇස යොමු කරන්නේ ඉන්දියාව එලෙස ලාභ උපයමින් තිබෙන පසුබිමකදීය. වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ බහාලුම් ප්‍රති නැව්ගත කිරීමේදී ශ්‍රී ලංකාවේ වරාය පහසුකම් ඉතා අඩු තරගකාරී මිලකට සපයන බවයි. මේ නිසා ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන වැඩි නැව් සංඛ්‍යාවක් තම සේවාවන් ලබාගැනීමට කොළඹ වරාය වෙත ආකර්ශනය වන බව ඔවුන් පෙන්වා දෙයි. ඉන්දියාවේ වරාය වෙත සමීප වීමට වඩා අඩු වියදමකින් කොළඹට ළඟාවිය හැකිව ඇත්තේ එය ජාත්‍යන්තර නාවික ගමන් මාර්ගයට වඩාත් සමීපව පිහිටා තිබීම නිසයි. නැගනෙහිර පර්යනත්තයේ ආයෝජනය කිරීමට සූදානම්වන අදානි සමාගම දැනටමත් ඉන්දියාවේ වසින්ජාම් වරාය විශාල ආයෝජනයක් කරමින් සංවර්ධනය කරමින් සිටී. ඔවුන් අපේ රටේ ආයෝජනය කරන බව කියැවෙන්නේ එම පසුබිම තුළදීය. කොළඹ වරායේ කොටසක් චීනයට, හම්බන්තොට වරාය අවුරුදු 99 කට චීනයට, කන්කසන්තුරේ සහ ත්‍රීකුණාමලය වරායන් වෙතත් දැන් අවධානය යොමු වී තිබේ. රටවටා ඇති උපාය මාර්ගික මර්මස්ථාන විදේශිකයින් අතට පත්වීම රටකට අනතුරු දායක නොවන්නේද? චීනයට පසුගිය රජට හම්බන්තොට ලබාදුන් නිසා ඉන්දියාවට නැගෙනහිර පර්යන්තය ලබාදිය යුතු බවට මත පලවීමෙන් කියාපාන්නේ ඉදිරියේදී ත්‍රිකුණාමලය නැත්නම් කන්කසන්තුරේ එහෙමත් නැත්නම් ගාල්ල වැනි වරායන් තවත් රටකට දිය යුතු බව ද? වෘත්තීය සමිති මේ තීරණය සම්බන්ධයෙන් පක්ෂ භේදයකින් තොරව සිටින්නේ දැඩි ස්ථාවරයකයි. කැබිනට් මණ්ඩලය පත්කර ඇති සාකච්ඡා කමිටුව සමග හෙට දිනයේ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ඔවුන්ට අවස්ථාවක් ලබාදී තිබේ.