ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්: 3ක් මරුට

by Staff writer 15-01-2021 | 8:52 AM

COLOMBO ( News 1st ) : ඉන්දුනීසියාවේ, සුලාවේසි දිවයිනේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

එරට ආපදා අවම කිරීමේ ඒජන්සිය නිවේදනය කළේ, එම භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.2 ක් ලෙස සටහන් වී ඇති බවයි. භූ කම්පනයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇතැයි සඳහන් ය. සුලාවේසි දිවයිනේ මැජීන් නගරයේ සිට කිලෝමීටර් 06 ක් ඊසාන දෙසින් කිලෝමීටර් 10 ක් භූ අභ්‍යන්තරයේ මෙම කම්පනය හටගෙන තිබේ. ඉන්දුනීසියාවේ ආපදා අවම කිරීමේ ඒජන්සිය සඳහන් කළේ, අවදානම් කලාපවල ජීවත් වන දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂක ස්ථාන වෙත ඉවත් කර ඇති බවයි. සුලාවේසි ආණ්ඩුකාර කාර්යාලය ඇතුළු ගොඩනැගිලි කිහිපයකට භූ කම්පනයෙන් හානි වී තිබේ. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙතෙක් එරට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි.