විදේශයන්හි සිටි ලාංකිකයින් 109 දෙනෙකු දිවයිනට…

විදේශයන්හි සිටි ලාංකිකයින් 109 දෙනෙකු දිවයිනට…

විදේශයන්හි සිටි ලාංකිකයින් 109 දෙනෙකු දිවයිනට…

කර්තෘ Staff writer

15 Jan, 2021 | 9:42 am

COLOMBO ( News 1st ) : විදේශයන්හි රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 109 දෙනෙකු අද උදෑසන ගුවන් මගින් මෙරටට පැමිණියේ ය.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, කටාර්හි සිටි පුද්ගලයින් 28 ක් , ඔස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 44 ක් සහ ජපානයේ සිටි පුද්ගලයින් 37 දෙනෙකු එලෙස පැමිණි බවයි.

ජර්මනිය, මාලදිවයින, ඉතාලිය හා බංග්ලාදේශය සිටි පුද්ගලයින් පිරිසක් ද අද මෙරටට පැමිණෙන බව එම මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

මේ වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 6790 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]