by Staff writer 15-01-2021 | 7:55 AM
COLOMBO ( News 1st ) : යටියන්තොට, බුලත්කොහුපිටිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ , යටියන්තොට - බුලත්කොහුපිටිය ප්‍රධාන මාර්ගයේ කැලණියවත්ත කෝවිල අසළදී ය.
යටියන්තොට සිට කෑගල්ල දෙසට ධාවනය වූ මෝටර් රථයක්, ත්‍රීරෝද රථයක ගැටීමෙන් එහි ගමන් කළ තරුණයෙකු එම ස්ථානයේම මියගොස් තිබේ.
තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා කරවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන් ය.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක තරුණයෙකි.