by Staff writer 15-01-2021 | 7:12 AM
COLOMBO ( News 1st ): මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ, මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50,899ක් බවයි.
වෛසරය ආසාදිතව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6,901කි.
කොරෝනා රෝගයෙන් මේ වනවිට සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 43,747 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය.
තවත් කොරෝනා මරණ 04 ක් ඊයේ දිනයේ වාර්තා විය.
එලෙස මියගොස් ඇත්තේ දුම්මලසූරිය, ගල්ගමුව, කොළඹ 13 ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයින් තුන් දෙනෙකු සහ ගාල්ල , ගිංතොට ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
ඔවුන් 47, 72, 53 සහ 57 හැවිරිදි වියේ පසුවූවන් ය.
කොවිඩ් නිව්මෝනියාව සමග වකුගඩු රෝග, ශ්වසන ආසාදන, රුධිරය කැටි ගැසීම, ලේ විෂවීම , පෙනහළු ආසාදනය සහ අපස්මාරය ඔවුන්ගේ මරණවලට හේතු වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 251 දක්වා ඉහළ ගොස් තිබේ.