ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වෙනසක්..

හදිස්සියේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක්..

by Chathuranga Rajapaksha 14-01-2021 | 10:22 AM
COLOMBO (News 1st): ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි. දෙරට අතර ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිතය. පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් නායක දිමුත් කරුණාරත්නට අද තරග අහිමි වී තිබේ. ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ. මේ අතර ඩෑන් ලෝරන්ස් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත්තේය.