සිනමාවේ ප්‍රවර්ධනයට ආණ්ඩුවෙන් බදු සහන

සිනමාවේ ප්‍රවර්ධනයට ආණ්ඩුවෙන් බදු සහන

by Staff writer 14-01-2021 | 8:25 PM

COLOMBO (News 1st) – මෙරට සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා බදු සහන ලබා දීමට රජය තීරණය කර තිබේ.

අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ඒ යටතේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමයේ ලබා දී තිබූ බදු සහන යළි ක්‍රියාත්මක කරන බවයි. සිනමා කර්මාන්තයේ නියැලී සිටින වෘත්තිකයින් පසුගියදා අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවී කළ ඉල්ලීමකට අනුව සිනමා කර්මාන්තයට බදු සහන ලබා දීමට තිරණය කර තිබේ. ඒ , මුදල් අමාත්‍යාංශ ලෙක්ම් එස්.ආර්. ආටිගල, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) මුදල් අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී ය. මේ යටතේ සිනමා නිෂ්පාදන සහ චිත්‍රපට ප්‍රදර්ශන සඳහා භාවිත කරන උපකරණ ආනයනය කිරීමේදී තීරු සහන හිමිවනු ඇති. අදාළ බදු සහන චිත්‍රපට සංස්ථාවේ අනුමැතියට යටත්ව ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.