ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් සටන අද ඇරඹේ..

ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් සටන අද ඇරඹේ..

by Staff writer 14-01-2021 | 7:42 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද(14) ආරම්භ වේ.

දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 34ක් පවත්වා ඇති අතර 15ක් එංගලන්තය ජයගෙන තිබේ. ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ, තරග 8ක් පමණි. තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මීට පෙර අවස්ථා 5කදී කණ්ඩායම් දෙක තරග වැදී ඇති අතර ඉන් 2ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇත. එක් තරගයක ජය එංගලන්තයට හිමි වූ අතර අනෙක් තරග දෙක අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි. මේ අතර අද තරගයට දිනේෂ් චන්දිමාල් සහ ඇන්⁣ජලෝ මැතිව්ස් සහභාගී වන බවට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ඊයේ(13) පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ ය.