by Chathurika Jayasundara 14-01-2021 | 5:50 PM
COLOMBO (News 1st) – කොරෝනා වෛරසයේ තිඹිරිගෙය ලෙස සැලකෙන චීනයෙන් මාස 08 කට පසු කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) විසින් කොරෝනා වෛරසයේ මූලාරම්භය සෙවීම සඳහා පර්යේෂක කණ්ඩායම චීනයට ළඟා වූ පසුබිමකදී මෙම මරණය වාර්තා වීම විශේෂත්වයකි.
කොවිඩ් -19 වසංගතයේ මූලාරම්භය පිළිබඳව සෙවීමට වූහාන් වෙත 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ළඟා වී තිබේ.
මෙහෙයුමේ නායක පීටර් බෙන් එම්බරෙක් කියා සිටින්නේ, අදාළ විමර්ශන ආරම්භ කිරීමට තම කණ්ඩායම සති 2 ක කාලයක් නිරෝධායනය වන බවයි.
එම කණ්ඩායම මේ මස මුළදී චීනයට ළඟා වීමට නියමිතව තිබුණ ද චීනයට ඇතුළු වීමට අවසර නොලැබීම හේතුවෙන් ඔවුන්ගේ පැමිණීම මේ දක්වා ප්‍රමාද කෙරිණි.
නමුත් වූහාන් නගරය කොරෝනා වෛරසයේ ආරම්භක ස්ථානය නොවන බවටත් මත පලවෙමින් පවතී.
මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 91 ඉක්මවන අතර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 20 කට ආසන්න වේ.