මහර සිද්ධිය:රු.කෝටි 6ක දේපොළ හානියක්

මහර සිද්ධියේදී දේපොළවලට හානි කරමින් කළහාකාරීව හැසුරුණු රැඳවියන් 120 කට එරෙහිව නඩු..

by Staff writer 14-01-2021 | 6:30 AM

COLOMBO (News 1st) - මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිද්ධියේදී දේපොළවලට හානි සිදු කරමින් කලහකාරී ලෙස හැසුරුණු සැකකරුවන් 120 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, රාජ්‍ය දේපොළවලට හානි කිරීමේ චෝදනා යටතේය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, ඉන් 116 දෙනෙකු රිමාන්ඩ් සිරකරුවන් වන බවයි. සෙසු 4 දෙනා සිරකරුවන් ය. අදාළ සිද්ධියෙන් රුපියල් කෝටි 6 කට අධික දේපොළ හානියක් සිදුව ඇති බව ද ඔහු පැවසුවේ ය. මේ අතර බන්ධනාගාර කැරැල්ල මෙහෙය වූ බව කියන ප්‍රධාන පුද්ගලයන් 25 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේත්තුව විසින් හඳුනා ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මහර බන්ධනාගාර ගැටුමේදී එහි ගොඩනැගිලි කිහිපයකට ඖෂධ ගබඩාවට, ලේඛනාගාරය ඇතුළු දේපොළ රැසකට දැඩි අලාභ හානි සිදු විය.