බස්නාහිර O/L පන්ති ලබන 25 වැනි දා ආරම්භ කරයි ද?

බස්නාහිර O/L පන්ති ලබන 25 වැනි දා ආරම්භ කරයි ද?

by Staff writer 14-01-2021 | 12:57 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ පාසල්වල සාමාන්‍ය පෙළ පන්තිවල අධ්‍යන කටයුතු ලබන 25 වැනි දා ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ සියලු පාර්ශව සමග සාකච්ඡා කර, අවසන් තීරණයක් ගන්නා බවයි. එම තීරණය ඉදිරි සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව ද, ඔහු සඳහන් කළේය. මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය. අනතුරුව මල්වතු මහාවිහාරයට ගොස් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටුවේය. ඉන්පසුව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.