by Staff writer 14-01-2021 | 8:58 PM
COLOMBO (News 1st) – බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස් කාණ්ඩය ලංකාවට පැමිණීමේ පුවත අනාවරණය වුණේ ඊයේ (14) දිනයේදී ය.
මේ අතරවාරයේ කොරෝනා වෛරසයේ විකෘති වූ තවත් නව ප්‍රභේද 2ක් අමෙරිකාව හඳුනාගෙන තිබේ.
ඒ, කොරෝනා අසාදනය වී රෝහල්ගත කෙරුණු අමෙරිකාවේ, ඔහයෝ ප්‍රාන්තයේ පුද්ගලයින් කිහිපදෙනෙකුට කළ පරීක්ෂණවලදී ය.
ඔහයෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාල පර්යේෂකයින් නිවේදනය කරන්නේ, මෙම නව ප්‍රභේද කොරෝනා මර්දන එන්නත්වලින් මැඩලිය නොහැකි වනු ඇති බවයි.
දකුණු අප්‍රිකාවෙන් ද මෙලෙස නව වෛරස් ප්‍රභේදයක් පසුගියදා හඳුනා ගැනුණි.
මේ වනවිට ලොව පුරා මේ ආකාරයෙන් නව වෛරස් ප්‍රභේද 4ක් හඳුනාගෙන තිබේ.
මේ අතර කොරෝනා වෛරසයේ ගෝලීය තත්ත්වයේ දෙවැනි වසර වන මෙම වසර වඩාත් අනතුරුදායක විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
එහි හදිසි සේවා අංශ ප්‍රධානී වෛද්‍ය මයික් රයන් ජිනීවා නුවරදී පැවසුවේ, මෙම නව වෛරස් ප්‍රභේදය එහි අනතුරුදායක බව ඉහළ නංවා ඇති බවයි.
මේ අතර ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළු වීම අද සිට තහනම් කර තිබේ.
කොරෝනා ව්‍යාප්තිය හමුවේ එරට දේශසීමා ප්‍රතිපත්තිවල වෙනසක් ඇති කරමින් මෙම තහනම පනවා ඇති බව වාර්තා වේ.