දඩ මුදල් ගෙවීමට දී තිබූ සහන කාලය හෙටින් අවසන්

දඩ මුදල් තැපැල් කාර්යාල මගින් ගෙවීමට දී තිබු සහන කාලය හෙටින් අවසන්

by Chathurika Jayasundara 14-01-2021 | 6:50 PM

COLOMBO (News 1st) – කාලය ඉකුත් වූ රථ වාහන දඩ පත්‍රිකා සඳහා දඩ මුදල් තැපැල් / උප තැපැල් කාර්යාල මගින් ගෙවීමට තිබූ සහන කාලය හෙටින් (15) අවසන් වන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

කොරෝනා වසංගතය හමුවේ මෙම කාලය ඉකුත් වූ රථ වාහන දඩ පත්‍රිකා සඳහා දඩ මුදල් තැපැල් / උප තැපැල් කාර්යාල මගින් ගෙවීමට අවස්ථාව ලබා දී තිබුණි. නමුත් හෙටින්(15) පසුව දින 14 ක් ඇතුළත අතිරේක දඩ මුදල් රහිතවත් දින 28 ක් දක්වා අතිරේක දඩ මුදල් සහිතව ද රථ වාහන දඩ තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් ගෙවීමට හැකි ය . නමුත් අදාළ දිනයේ සිට දින 28ක් ඉක්මවා ඇති කිසිදු දඩ ප්‍රතිකාවක් තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් ගෙවීමට නොහැකි ය. එසේ වුවත් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි කොළඹ නාගරික රථ වාහන පොලීසිය හා පොලිස් හදිසි ඇමතුම් අංශය මගින් නිකුත් කරන දඩ පත්‍රිකා සඳහා පමණක් පෙර පැවති සහන කාලය මත ලබන පෙබරවාරි 08වැනි දා දක්වා පමණක් තැපැල් සහ උප තැපැල් කාර්යාලයන්හි රාජකාරී වේලාව තුළ අදාළ ගෙවීමට හැකි ය.