කොරෝනා සමාජයේ ව්‍යාප්ත වෙලා නැහැ

කොරෝනා සමාජයේ ව්‍යාප්ත වෙලා නැහැ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

by Staff writer 14-01-2021 | 8:08 AM

COLOMBO (News 1st) - කොරෝනා වෛරසයේ සමාජ ව්‍යාප්තියක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණවලින් 3.5% ත් 4% ත් අතර ප්‍රතිශතයක් පමණක් ආසාදිතයින් ලෙස හඳුනා ගන්නා බවයි. එම ප්‍රතිශතය 5% ඉක්මවුවහොත් පමණක් සමාජ පැතිරීමක් යැයි හැඳින්විය හැකි බව ඔහු පෙන්වා දෙයි. අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, තවදුරටත් කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගනිමින් පවත්වාගෙන යාමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට හැකිව ඇති බවයි. එම තත්ත්වයන් ආරක්ෂා කරගැනීමට ජනතාව මෙතෙක් ලබා දුන් සහයෝගය තවදුරටත් අපේක්ෂා කරන බව ද ඔහු පැවසුවේ ය.