ඊයේ දිනයේ PCR 14, 329 ක්..

කොරෝනා රෝගීන් 45,000 ඉක්මවූයේ ඔක්තෝබර් මාසයෙන් පසුවයි - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 14-01-2021 | 2:59 PM

COLOMBO (News 1st) – මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් 45,000 ඉක්ම වූ පිරිසක් වාර්තා වන්නේ, ඔක්තෝබර් මාසයෙන් පසුව බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, දැනට සමස්ත රෝගීන් සංඛ්‍යාව 50, 229 ක් වන බවයි. ආසාදිතයින් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන 75 ක් දිවයින පුරා ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 14329 ක් සිදු කර ඇති බවයි.