COLOMBO (News 1st) – ඉන්දියාවේ සේරම් ඖෂධ නිෂ්පාදන ආයතනයෙන් ලබා ගන්නා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ජනවාරි 25 වැනිදා වනවිට තම රටට ලැබෙන බව බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ඉන්දීය අගමැතිවරයා අනිද්දා එරට තුළ කොවිඩ් මර්දන එන්නත්කරණ ජාතික වැඩසටහන දියත් කිරීමට සූදානම් වෙයි.
එරට මාධ්‍ය වාර්තා කළේ, එන්නත්කරණ වැඩසටහනේ පළමු අදියර ලෙස මේ මාසය තුළ එන්නත් මිලියන 5ක් ජනතාවට ලබා දීමට රජය සූදානමින් සිටින බවයි.
සිංගප්පූරු සමාගමක් සමග ඇති කරගත් ගිවිසුම අනුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත ජනවාරි 26 වැනිදා මාලදිවයිනට ලැබීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
සියලුම රට වැසියන්ට නොමිලේ එන්නත ලබාදීමට මාලදිවයින් රජය මේ වනවිට තීරණය කර තිබේ.
කලාපීය රටවල් කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරද්දී මෙරට තත්ත්වය කුමක්ද?
වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා
මේ වනවිට පුද්ගලයින්ගේ ප්‍රමුඛතාව අනුව මේ එන්නත ලබාදිය යුතු පුද්ගලයින්ගේ නම් ලැයිස්තු සකස් කිරීම් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ඕනෑම මොහොතක පෙබරවාරි මාසයේ පළමු සතියෙන් පසුව එන ඕනෑම මොහොතක එන්නතක් ලබා දෙන්න අපිට කවුරුහරි ප්‍රකාශයට පත් කළොත් ඒ එන්නත ලබාදීමට අවශ්‍ය කටයුතු අපි කරගෙන යනවා.
ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී අනාවරණය වුණේ කොවිඩ් මර්දන එන්නතක් ඉන්දියාවෙන් ලබාගැනීමට එකඟතාව පල වූ බවයි.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉන්දියාවේ සේරම් ආයතනය නිෂ්පාදනය කරන අතර ඉන්දීය එන්නත් කිහිපයක්ද මේ වනවිට නිෂ්පාදනය වෙමින් තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා
අඩුම ගානේ ඉමර්ජන්සි ඇපෲවල් එකක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුණ එන්නතක් ගෙන්වීම අපේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අතුරු ආබාධ අවම එන්නතක් ගෙන්වීම අනිවාර්යයි . ඕනම එන්නතක් ගෙන්නලා වැඩක් නැහැ. විශේෂයෙන්ම ඉන්දියාව තුළ නිෂ්පාදනය වන ඉන්දියාවෙම ප්‍රඩක්ට් තියෙනවා අඩුම තරමේ ඉන්දියාවේ වෛද්‍ය කවුන්සිල් වෛද්‍ය සංගම් පවා පිළිගන්නේ නැති . අපි දකිනවා විශේෂයෙන්ම දකුණු අප්‍රිකා ප්‍රභේදය විදෙස් මාධ්‍ය වාර්තා කරනවා මේ විකෘති ප්‍රභේදය නියා එන්නත්වල සාර්ථකත්වයට බලපෑමක් එල්ල වන ස්වභාවයක් තියෙනවා එතකොට එන්නත් නැවත නිෂ්පාදනය කරන්න වෙනවා මේ ප්‍රභේදවලට ඔරොත්තු දෙන විදියට.
මේ අතර හඳුනාගත් නව කොවිඩ් වෛරස් කාණ්ඩය රට තුළ පැතිරීමේ අවදානමක් නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා
ලංකාවට බ්‍රිතාන්‍යයේ සිට පැමිණි සියලු දෙනාගේ අපි PCR පරීක්ෂණ කරලා පොසිටිව් වෙච්ච අයගේ අපි වෛරසය තියෙනවා ද නැද්ද කියන එක අපි පරීක්ෂා කරනවා. ඒකෙන් අපිට එක්කෙනෙක් විතරයි සොයාගන්න පුළුවන් වුණේ. ඒ ආශ්‍රිත වෛරසය තියෙනවා කියලා . ඔහුවත් අපි විශේෂිත වූ නිරෝධායන කටයුත්තකට යොමු කරලා තියෙන්නේ. ඒ නිසා ඒකෙන් ලංකාවේ සමාජයට කිසිම බලපෑමක් නෑ.