ආසියානු බොදු සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ..

ආසියානු බොදු සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ..

by Staff writer 14-01-2021 | 4:14 PM

COLOMBO (News 1st) – සාමය සඳහා වූ ආසියානු බෞද්ධ සම්මේලනයේ 13 වැනි විධායක කවුන්සිල හමුව අද පෙරවරුවේ පැවැත්විය.

ඒ, කොළඹ 07 ශ්‍රී සම්බෝධී විහාරස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ය. එම හමුවට ලොව රටවල් 25 ක නියෝජිතයෝ සූම් තාක්ෂණය ඔස්සේ එක්ව සිටිය හ. සමුළුවේ අරමුණ පැහැදිලි කළේ, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් ය. කොරෝනා හමුවේ බෞද්ධයින්ගේ කාර්යභාරය මැයෙන් මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් මුලසුන දේශනය සිදු කළේ ය. සමුළුවේ සමාරම්භක අවස්ථාවෙන් අනතුරුව ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍ය බොරලන්දේ වජිරඤාණ හිමියන් බැහැ දුටු ජනාධිපතිතුමා සුගන්ධ කුටියට ගොස් සර්වඥ ධාතූන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේ ය.