
ශ්‍රී ලංකා පළමු ඉනිම දියාරු වෙයි: මෙන්ඩිස්ගෙන් බින්දු වාර්තාවක්..
ශ්‍රී ලංකා පළමු ඉනිම දියාරු වෙයි: මෙන්ඩිස්ගෙන් බින්දු වාර්තාවක්..
කර්තෘ Chathuranga Rajapaksha
COLOMBO (News 1st): ටෙස්ට් ක්‍රිකට් තරගවල අඛණ්ඩව සිව්වෙනි වරටත් ලකුණු නොලබා දැවී ගිය ශ්‍රී ලංකාවේ 3වන පිතිකරුවා බවට කුසල් මෙන්ඩිස් අද පත්විය.
ඒ, එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ඔහු මුහුණදුන් දෙවන පන්දුවේදීම ලකුණු නොලබා පිටියෙන් ඉවත් විමත් සමගිනි.
මීට පෙර එලෙස දැවී ගිය ලංකාවේ පිතිකරුවන් තිදෙනා වන්නේ..
01.ගයි ඩි අල්විස් (1986-88)
02.නුවන් ප්‍රදීප් (2015)
03.නුවන් ප්‍රදීප් (2017)
මෙලෙස ලකුණු නොලබා අඛණ්ඩ සිව් වතාවක් දැවී ගිය, පිතිකරු ලැයිස්තුවේ නොම්බර 1 සහ 6 අතර සිටින ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව මෙසේය.
01.පන්කාජ් රෝයි (ඉන්දියාව) 1952 එංගලන්තයට එරෙහිව
02.ලෝරි මිලර් (නවසීලන්තය) 1953-54 දකුණු අප්‍රිකාවට එරෙහිව
03.මාර්ක් වෝ (ඔස්ට්‍රේලියාව) 1992 ශ්‍රී ලංකාවට එරෙහිව
04.කුසල් මෙන්ඩිස් (ශ්‍රී ලංකාව) 2021 දකුණු අප්‍රිකාව සහ එංගලන්තයට එරෙහිව
එංගලන්තය සමග ගාල්ලේදී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 135කට දැවී ගියේය.
නිත්‍ය ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල් පළමු ටෙස්ට් තරගයේ නායකත්වය දරනු ලැබේ.
ලකුණු 29ක් ලබාගත් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට පත්විය.
කුසල් පෙරේරා ලකුණු 20ක් ලබා ගත්තේය.
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 27කට දැවී ගියේය.
ඩොම් බේස් කඩුලු 5ක් දවා ගත්තේය.
ස්ටුවර්ට් බ්‍රෝඩ් කඩුලු 3ක් දවා ගැනිමට සමත් විය.
- චීනය – තායිවාන නොසන්සුන්තා ඉහළ යන ලකුණු
- ග්‍රාම නිලධාරී වසම් 10ක Lockdown ඇරේ…
- ඉන්දියාවේ ගොවීන් ට්‍රැක්ටර් රැළියකින් දිල්ලියට එන්න සැරසෙයි..
- ප්‍රදේශ කිහිපයක් Lockdown…
- යුරෝසන් නැවේ අනතුරින් රාවණා පරයේ සංවේදී කලාපයට හානි සිදුව ඇත්නම් වන්දි ගැනීමට සැලසුම්..
- නැගෙනහිර ජැටියේ යෝජනා අධ්‍යයන අනු කමිටුව අද රැස්වෙයි..
- බස්නාහිර පළාතේ O/L සිසුන් අද සිට පාසලට..
- තවත් කොරෝනා මරණ 03ක්..
- තවත් කොරෝනා ආසාදිතයින් 492ක්
- මෙරට කොවිඩ් එන්නත් කිරීමේ කටයුතු ලබන සතියේ සිට – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ