
ශ්‍රී ලංකාවේ දියාරු පළමු ඉනිමට එංගලන්තයෙන් දැවැන්ත පිළිතුරක් ලැබෙන ලකුණු..
ශ්‍රී ලංකාවේ දියාරු පළමු ඉනිමට එංගලන්තයෙන් දැවැන්ත පිළිතුරක් ලැබෙන ලකුණු..
කර්තෘ Chathuranga Rajapaksha
COLOMBO (News 1st): ශ්‍රී ලංකාව සහ එංගලන්ත අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි.
අද දිනය අවසන් වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 2ක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 127කි.
සිය 50 වැනි අර්ධ ශතකය වාර්තා කළ නායක ජෝ රූට් ලකුණු 66ක් සහ ජොනී බෙයාර්ස්ටව් ලකුණු 47ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටී.
රූට් සහ බෙයාර්ස්ටව් අතර තෙවැනි කඩුල්ලට ගොඩ නැගී ඇති සබඳතාවය මේ වනවිට ලකුණු 110කි.
ලසිත් ඇඹුල්දෙණිය එංගලන්ත ඉනිමේ පළමු කඩුලු 2 දවා ගැනීමට සමත් විය.
එංගලන්තය සමග ගාල්ලේදී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 135කට දැවී ගියේය.
නිත්‍ය ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල් පළමු ටෙස්ට් තරගයේ නායකත්වය දරනු ලැබේ.
ලකුණු 29ක් ලබාගත් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට පත්විය.
කුසල් පෙරේරා ලකුණු 20ක් ලබා ගත්තේය.
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 27කට දැවී ගියේය.
ඩොම් බේස් කඩුලු 5ක් දවා ගත්තේය.
ස්ටුවර්ට් බ්‍රෝඩ් කඩුලු 3ක් දවා ගැනිමට සමත් විය.
මේ අතර ටෙස්ට් ක්‍රිකට් තරගවල අඛණ්ඩව සිව්වෙනි වරටත් ලකුණු නොලබා දැවී ගිය ශ්‍රී ලංකාවේ 3වන පිතිකරුවා බවට කුසල් මෙන්ඩිස් අද පත්විය.
ඒ, මෙම තරගයේ පළමු ඉනිමේදී කුසල් මුහුණදුන් දෙවන පන්දුවේදීම ලකුණු නොලබා පිටියෙන් ඉවත් විමත් සමගිනි.
මීට පෙර එලෙස දැවී ගිය ලංකාවේ පිතිකරුවන් තිදෙනා වන්නේ..
01.ගයි ඩි අල්විස් (1986-88)
02.නුවන් ප්‍රදීප් (2015)
03.නුවන් ප්‍රදීප් (2017)
මෙලෙස ලකුණු නොලබා අඛණ්ඩ සිව් වතාවක් දැවී ගිය, පිතිකරු ලැයිස්තුවේ නොම්බර 1 සහ 6 අතර සිටින ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව මෙසේය.
01.පන්කාජ් රෝයි (ඉන්දියාව) 1952 එංගලන්තයට එරෙහිව
02.ලෝරි මිලර් (නවසීලන්තය) 1953-54 දකුණු අප්‍රිකාවට එරෙහිව
03.මාර්ක් වෝ (ඔස්ට්‍රේලියාව) 1992 ශ්‍රී ලංකාවට එරෙහිව
04.කුසල් මෙන්ඩිස් (ශ්‍රී ලංකාව) 2021 දකුණු අප්‍රිකාව සහ එංගලන්තයට එරෙහිව
- චීනය දීර්ඝ කාලීන මිතුරෙක් නිසා Port City මෙහෙයුම් චීනය අතට පත්වීම අසුබවාදීව සිතන්න එපා.. – ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා
- බංග්ලාදේශ පිතිකරුවන් ඉදිරියේ ශ්‍රී ලංකාව අසරණ වෙයි
- වරාය නගර කෙටුම්පත දීන වහල් මානසිකත්වයෙන් සකස් කළ එකක්, අලුත් කෙටුම්පතක් හදන්න – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි
- තවත් කොරෝනා මරණ 05ක්..
- ග්‍රාම නිලධාරී වසමක් හුදෙකලා කෙරේ
- අවශ්‍යතාව අනුව වතු රෝහල් රජයට පවරා ගන්නවා – පවිත්‍රා වන්නිආරච්චි
- කහ මෙට්ට්‍රික් ටොන් 6.4ක් අඩංගු කන්ටේනර්යක් රේගු භාරයට
- ඉන්දුනීසියානු නාවික සබ්මැරීනයක් අතුරුදන්
- CID හිටපු අධ්යක්ෂ ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්
- JUST IN : හම්බන්තොටට ආ නැවේ න්‍යෂ්ටික බලාගාර සඳහා භාවිත කරන යුරේනියම් රසායනික ද්‍රව්‍ය ඇති බව හෙළි වෙයි