by Staff writer 14-01-2021 | 3:39 PM
COLOMBO (News 1st) – විදෙස්ගත ලාංකිකයින් 693 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේ ය.
ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඕමානයේ සිටයි.
එම සංඛ්‍යාව 290 කි.
ඊට අමතරව ඊශ්‍රායලයේ සිට පුද්ගලයින් 119 දෙනෙකු සහ දකුණු කොරියාවේ සිට පුද්ගලයින් 95 දෙනෙකු දිවයිනට පැමිණියේ ය.
අනෙක් පුද්ගලයින් පැමිණ ඇත්තේ ඩුබායි, කටාර්, නෙදර්ලන්තය, මාලදිවයින, තුර්කිය සහ පකිස්තානය යන රටවලින් ය.