
දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව ජනපති අතින් විවෘත කෙරේ..
දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව ජනපති අතින් විවෘත කෙරේ..
කර්තෘ Chathurika Jayasundara
COLOMBO (News 1st) – දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ විවෘත කෙරිණි.
හොරණ, වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155 ක භූමියක මෙම කර්මාන්ත පරිශ්‍රය ස්ථාපනය කර තිබේ.
උත්සවයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම කර්මාන්ත ශාලාව හිමි නිෂ්පාදන සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා විසින් පිළිගත් අතර සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් පසුව ජනාධිපතිවරයා ටයර් නිෂ්පාදනායතනයේ සමස්ත ක්‍රියාවලිය නිරීක්ෂණය කළේ ය.
මෙම කර්මාන්ත ශාලාවේ පළමු අදියර සඳහා කර ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 100කි.
අති නවීන යුරෝපීය තාක්ෂණ ක්‍රමවේදයන්ගෙන් යුක්ත මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනවලින් 80 % ක් අපනයනය කරන අතර ඉතිරි 20 % දේශීය වෙළෙඳපොළට නිකුත් කරනු ලබයි.
SUV රථ සඳහා විශේෂ කාණ්ඩයක්, මෝටර් රථ, යතුරු පැදි , ත්‍රී රෝද ඇතුළු ලෝක වෙළෙඳපොළට අවශ්‍ය ටයර් වර්ග රැසක් මෙහි නිෂ්පාදනවලට ඇතුළත් ය.
කර්මාන්ත ශාලාව පරිසර හිතකාමී ලෙස ඉදි කිරීම ද විශේෂත්වයකි.
උත්සවයට පැමිණි ජනාධිපතිවරයා පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ක් ලබාගත් ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ දෙව්මි යසස්මි දැරිය ඇගයීමට ද අමතක කළේ නැහැ.
- තවත් ලෝක නායකයෙකුට කොරෝනා
- චීනය – තායිවාන නොසන්සුන්තා ඉහළ යන ලකුණු
- ග්‍රාම නිලධාරී වසම් 10ක Lockdown ඇරේ…
- ඉන්දියාවේ ගොවීන් ට්‍රැක්ටර් රැළියකින් දිල්ලියට එන්න සැරසෙයි..
- ප්‍රදේශ කිහිපයක් Lockdown…
- යුරෝසන් නැවේ අනතුරින් රාවණා පරයේ සංවේදී කලාපයට හානි සිදුව ඇත්නම් වන්දි ගැනීමට සැලසුම්..
- නැගෙනහිර ජැටියේ යෝජනා අධ්‍යයන අනු කමිටුව අද රැස්වෙයි..
- බස්නාහිර පළාතේ O/L සිසුන් අද සිට පාසලට..
- තවත් කොරෝනා මරණ 03ක්..
- තවත් කොරෝනා ආසාදිතයින් 492ක්