
ගෙවුණු දිනයේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් කොළඹ මහ නගර සභා සීමාවෙන්.. (Full Report)
ගෙවුණු දිනයේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් කොළඹ මහ නගර සභා සීමාවෙන්.. (Full Report)
කර්තෘ Hashini De Mel
COLOMBO (News 1st) – ගෙවුණු පැය 24 තුළ දිස්ත්‍රික්ක 22කින් නව කොරෝනා ආසාදිතයින් 692 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඉන් ආසාදිතයින් 5 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් ය.
ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 233 කි.
ඊට අමතරව,
*ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 119ක්
*කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 112ක්
*ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 18ක්
*මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 34ක්
*කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 17ක්
*වව්නියාව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 16ක් වශයෙන් ආසාදිතයින් හඳුනා ගෙන ඇත.
ඉතිරි ආසාදිතයින් හඳුනා ගෙන ඇත්තේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වන අතර ඒවා මෙසේය.
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් කොළඹ මහ නගර සභා සීමා ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 32 කි.
ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 32 කි.
මේ අතර තවත් කොරෝනා මරණ 3 ක් ඊයේ වාර්තා විය.
එලෙස මියගොස් ඇත්තේ, පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවකි.
ඔවුන් බත්තරමුල්ල, කොළඹ 15, කොළඹ 10 පදිංචිකරුවන් ය.
මියගිය පුද්ගලයින් 66, 81 සහ 89 හැවිරිදි වියේ පසුවුවන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
කොවිඩ් නිව්මෝනියාව, හෘද රෝග වැනි රෝගවලින් ඔවුන් මියගොස් ඇත.
ඒ සමග මෙරට කොරෝනා ආසාදනයවීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 247 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,231 දක්වා ඉහළ ගොස් තිබේ.
කොරෝනා ආසාදන වීමෙන් සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 43,267 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය.
වෛරසය ආසදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6,715 කි.
මේ වනවිට දිස්ත්‍රික්ක 11 ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර ඇති අතර ඒවා මෙසේය…
- පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු කොරෝනා
- තවත් ලෝක නායකයෙකුට කොරෝනා
- චීනය – තායිවාන නොසන්සුන්තා ඉහළ යන ලකුණු
- ග්‍රාම නිලධාරී වසම් 10ක Lockdown ඇරේ…
- ඉන්දියාවේ ගොවීන් ට්‍රැක්ටර් රැළියකින් දිල්ලියට එන්න සැරසෙයි..
- ප්‍රදේශ කිහිපයක් Lockdown…
- යුරෝසන් නැවේ අනතුරින් රාවණා පරයේ සංවේදී කලාපයට හානි සිදුව ඇත්නම් වන්දි ගැනීමට සැලසුම්..
- නැගෙනහිර ජැටියේ යෝජනා අධ්‍යයන අනු කමිටුව අද රැස්වෙයි..
- බස්නාහිර පළාතේ O/L සිසුන් අද සිට පාසලට..
- තවත් කොරෝනා මරණ 03ක්..