
ආසියානු බොදු සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ..
ආසියානු බොදු සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – සාමය සඳහා වූ ආසියානු බෞද්ධ සම්මේලනයේ 13 වැනි විධායක කවුන්සිල හමුව අද පෙරවරුවේ පැවැත්විය.
ඒ, කොළඹ 07 ශ්‍රී සම්බෝධී විහාරස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
එම හමුවට ලොව රටවල් 25 ක නියෝජිතයෝ සූම් තාක්ෂණය ඔස්සේ එක්ව සිටිය හ.
සමුළුවේ අරමුණ පැහැදිලි කළේ, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් ය.
කොරෝනා හමුවේ බෞද්ධයින්ගේ කාර්යභාරය මැයෙන් මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් මුලසුන දේශනය සිදු කළේ ය.
සමුළුවේ සමාරම්භක අවස්ථාවෙන් අනතුරුව ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍ය බොරලන්දේ වජිරඤාණ හිමියන් බැහැ දුටු ජනාධිපතිතුමා සුගන්ධ කුටියට ගොස් සර්වඥ ධාතූන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේ ය.
- පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු කොරෝනා
- තවත් ලෝක නායකයෙකුට කොරෝනා
- චීනය – තායිවාන නොසන්සුන්තා ඉහළ යන ලකුණු
- ග්‍රාම නිලධාරී වසම් 10ක Lockdown ඇරේ…
- ඉන්දියාවේ ගොවීන් ට්‍රැක්ටර් රැළියකින් දිල්ලියට එන්න සැරසෙයි..
- ප්‍රදේශ කිහිපයක් Lockdown…
- යුරෝසන් නැවේ අනතුරින් රාවණා පරයේ සංවේදී කලාපයට හානි සිදුව ඇත්නම් වන්දි ගැනීමට සැලසුම්..
- නැගෙනහිර ජැටියේ යෝජනා අධ්‍යයන අනු කමිටුව අද රැස්වෙයි..
- බස්නාහිර පළාතේ O/L සිසුන් අද සිට පාසලට..
- තවත් කොරෝනා මරණ 03ක්..