සමගි ජන බලවේගයෙන් කතානායකට ලිපියක්

හරීන්ගේ ප්‍රකාශයට ජනපති දුන් පිළිතුර භාෂණයේ නිදහසට එරෙහිව යමින් යම් තර්ඡනාත්මක ස්වරූපයක් දක්නට ලැබෙනවා - සමගි ජන බලවේගය

by Staff writer 13-01-2021 | 6:55 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ අයිතිය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අද කතානායකවරයාට ලිපියක් භාර දී තිබේ.

අදාළ ලිපියෙන් සමගි ජන බලවේගය පෙන්වා දුන්නේ, සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යානුකූලවම ලබා දී ඇති බවයි. එවැනි තත්ත්වයක හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයට ජනාධිපතිවරයා මන්ත්‍රීවරයාගේ නම සඳහන් කරමින් ලබා දුන් පිළිතුර භාෂණයේ නිදහසට එරෙහිව යමින් යම් තර්ඡනාත්මක ස්වරූපයක් දක්නට ලැබෙන බව ද අදාළ ලිපියෙන් සමගි ජන බලවේගය පෙන්වා දී තිබුණි.