පාර්ලිමේන්තුවේ 463කට PCR

පාර්ලිමේන්තුවේ 463 දෙනෙකුට PCR පරීක්ෂණ

by Staff writer 13-01-2021 | 4:22 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩල සමාජිකයින් 463 ක් සඳහා PCR පරීක්ෂණ සිදු කර තිබේ.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඉන් 448 ක් සිදු කර ඇත්තේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඇතුළු කාර්යය මණ්ඩලයට බවයි. කතානායකවරයා ඇතුළු මැති ඇමතිවරුන් 15 දෙනෙකු ද අද PCR පරීක්ෂණයට ලක් කළ බව ඔහු සඳහන් කළේ ය. නැවත පාර්ලිමේන්තුව ආශ්‍රිතව PCR පරීක්ෂණ සිදු කෙරෙන්නේ අනිද්දා (15) දින උදෑසන 9.00 සිට දහවල් 12.00 දක්වා පමණයි.