
”ළමා ගැබ් ගැනීම් වැඩිවෙලා, ගැබ් ගත්ත පොඩිම දරුවාගේ වයස අවුරුදු 11යි” – රාජ්‍ය ඇමති පියල් නිශාන්ත
”ළමා ගැබ් ගැනීම් වැඩිවෙලා, ගැබ් ගත්ත පොඩිම දරුවාගේ වයස අවුරුදු 11යි” – රාජ්‍ය ඇමති පියල් නිශාන්ත
කර්තෘ Staff writer
COLOMBO (News 1st): ”අද වෙනකොට ළමා අපයෝජන සංඛ්‍යාව වැඩිවෙලා තියෙනවා. ඊට පස්සේ ළමා හිංසනය වැඩිවෙලා, ළමා ගැබ් ගැනීම් වැඩිවෙලා, ගැබ් ගත්ත පොඩිම දරුවගේ වසය අවුරුදු 11”
රත්නපුර දිස්ත්‍රික් ලේකම් කර්යාලයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පළ කළේ, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය නිශාන්ත ද සිල්වා මහතායි.
වර්තමානය වනවිට ළමා පරපුර දැඩි අභියෝගයකට මුහුණ දී සිටින බව රාජ්‍ය අමාත්‍ය නිශාන්ත ද සිල්වා මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම අභියෝග සඳහා විසඳුම් ලබා දීම අත්‍යවශ්‍ය බවයි.
ළමා නිවාස තුළ දී දරු දැරියන්ට මුහුණ දීමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් ද ඒ මහතා අවධානය යොමු කළේය.
ඒවැනි ස්ථාන පවත්වාගෙන යෑමට ලබා දෙන මූල්‍ය පහසුකම් අවම වීම හේතුවෙන්, තුන්වැනි පාර්ශවයේ උපකාර ලබා ගැනීම ද ගැටලු ඇති කරන්නක් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ වනවිට ළමා අපයෝජනය, ළමා හිංසනය හා ළමා ගැබ් ගැනීම වැඩිවීම ඉහළ ගොස් ඇති බවත්, ඒසේම වීදී දරැවන්ගේ හා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ලබා දෙන අවධානය සම්බන්ධයෙන් ද සෑහීමට පත් නොවන බව ඔහු ප්‍රකාශ කළේය.
- පාස්කු ප්‍රහාරය:2 සිට 5 දක්වා සියලු වාර්තා විවාදයට පෙර ලබා දෙන්න – ලක්ෂ්මන් කිරිඇල්ල
- අවුරුදු 13න් පහළ ක්‍රිකට් තරගයක පන්දු 4කදී කඩුලු 4ක් දවාගත් සන්තුල්
- ශ්‍රී ලංකාව සමග ක්‍රිකට් තරගාවලියට කොදෙව් සංචිතය නම් කරයි: වසර 2 කට පසු ක්රිස්ගේල් කැඳවයි
- ”සහරාන් ගැන හැමෝටම වැඩිය දන්නේ ගෝඨාභය රාජපක්ෂ..” – නිරෝෂා අතුකෝරළ
- මාර්ගෝපදේශ දෙනතුරු COVID මරණ භූමදානයට අවස්ථාව නැහැ
- ගාලු මුහුදේ ගිල් වූ බස්..
- පුද්ගලයින් 10 දෙනෙකු සපා කෑ සුනඛයෙකුට පොලීසියෙන් වෙඩි
- අප්‍රේල් 21 ප්‍රහාරය: කොමිසමේ වාර්තාව අධ්‍යනයට පත් කළ අනුකමිටු ලබන බදාදා යළි රැස්වෙයි
- නාරංගල කන්දේදී අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගනී..
- ලියාපදිංචි වාහන සඳහා ලබා දෙන ණය පහසුකම 80% දක්වා ඉහළට