බස්නාහිරින් පිටවන විට යළිත් කොරෝනා පරීක්ෂණ

බස්නාහිරින් පිටවන ස්ථාන 11කදී අද සිට යළිත් කොරෝනා පරීක්ෂණ..

by Chathuranga Rajapaksha 13-01-2021 | 7:52 AM

COLOMBO (News 1st) -  බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11කදී අද(13) සිට යළිත් කොරෝනා පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මීට පෙර පසුගිය දෙසැම්බර් 18වැනි දා සිට ජනවාරි 05වැනි දා දක්වා ද බස්නාහිර පළාතෙන් පිටවන ස්ථානවලදී කොරෝනා පරීක්ෂණ සිදු කළ බවය.