පළමු වරට නව කොරෝනා වෛරස් ප්‍රභේදයේ ආසාදිතයෙක් මෙරටින්…

පළමු වරට නව කොරෝනා වෛරස් ප්‍රභේදයේ ආසාදිතයෙක් මෙරටින්…

පළමු වරට නව කොරෝනා වෛරස් ප්‍රභේදයේ ආසාදිතයෙක් මෙරටින්…

කර්තෘ Staff writer

13 Jan, 2021 | 12:18 pm

COLOMBO (News 1st) : මෙරටින් නව කොරෝනා වෛරස් ප්‍රභේද ආසාදිතයෙකු හඳුනාගෙන ඇතැයි, ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප‍්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය පවසයි.

එහි අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, තම ආයතනයට පරීක්ෂා කිරීමට ලැබුණු සාම්පලයකින් එය තහවුරු වූ බවයි.

එහෙත්, අදාළ ආසාදිතයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ප්‍රකාශ කළ නොහැකි බව ද ඔහු සඳහන් කළේ ය.

මේ වන විට පරීක්ෂා කිරීම සඳහා අලුතින් සාම්පල කට්ටල 12 ක් තම ආයතනයට ලැබී ඇතැයි ද චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]