
නැගෙනහිර පර්යන්තය විකුණන්නේවත් බදු දෙන්නේවත් නැහැ – ජනපති
නැගෙනහිර පර්යන්තය විකුණන්නේවත් බදු දෙන්නේවත් නැහැ – ජනපති
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම නොකරන බව ජනපති වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට පවසා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා රජයට 51% අයිතිය සහ ඉතිරි 49% ඉන්දියාවේ අදානි සමාගමටත්, වෙනත් පාර්ශවයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස කොළඹ වරායේ නැගනෙහිර පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේ, අද වරාය වෘත්තීය සමිති හමු වූ අවස්ථාවේදීය.
වරාය වෘත්තීය සමිති 23 ක නියෝජිතයින් සහභාගි වූ මෙම සාකච්ඡාවට ආර්ථික පුනර්ජනීවනය පිළිබඳව ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ද සහභාගි විය.
නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව කිසිදු සැකයක් තබා නොගන්නැයි මෙහිදී අවධාරණය කර ඇති ජනාධිපතිවරයා සියලු වෘත්තීය සමිති නියෝජිතයින් එක්ව සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන්නැයි සමිති ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ, පසුගිය රජය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිස ගෙන තිබූ බවයි.
එය විකිණීමෙන් පසු ජපානයෙන් ණයක් ගැනීමත්, එම මුදලින් ඉදිකිරීම් සඳහා වන උපකරණ මිලදී ගැනීමත් ගිවිසුමට ඇතුළත් වී තිබූ බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.
ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ, එම ගිවිසුම පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසුව 51% ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකඟතාවට පැමිණීමට හැකි වූ බව යි.
රට තුළ කෙරෙන ආයෝජන මගින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට හෝ කිසිදු හානියක් වීමට තමා ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කර තිබේ.
එම නිවේදනය පහතින්…
- වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වාට නව රාජ්‍ය ලේකම් ධුරයක්..
- ප්රජාත්ත්රවාදය ඉල්ලූ තවත් මියන්මාර ජීවිත දෙකක් වෙඩි උණ්ඩයට බිලි
- අශෝක් අබේසිංහට CID හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක්
- ඇනවුම් කළ COVID එන්නත් ප්‍රමාදයකින් තොරව දෙනවා – ඉන්දීය සීරම් ආයතනය
- පාඨලීට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි
- හෙරොයින් කිලෝ 200ක් සමග මෙරට බෝට්ටු 3ක් ඉන්දීය අත්අඩංගුවට
- කොරෝනා මළ සිරුරු 24 ක් භූමදානය කර අවසන්…
- වල්සපුගල මාරාන්තික ගොවි උපවාසයට කාන්තාවෝ එක් වෙති
- බස්නාහිර හැර සෙසු සියලු පාසල් විවෘත වන දිනය ප්‍රකාශයට පත් කෙරේ
- ගෙවුණු දිනයේ මෙරට කෙරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න…