
ජනපති ට්‍රම්ප්ගේ YouTube ගිණුම ත් අත්හිටුවයි
ජනපති ට්‍රම්ප්ගේ YouTube ගිණුම ත් අත්හිටුවයි
කර්තෘ Sagarika Chathumali
COLOMBO (News 1st) : අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ YouTube ගිණුම අත්හිටුවීමට Google සමාගම පියවර ගෙන තිබේ.
Google සමාගම පවසන්නේ, දින 7ක් යන තුරු ඔහුගේ ගිණුමට අලුතින් වීඩියෝ අප්ලෝඩ් කිරීම හෝ ගිණුම හරහා සජීවි විකාශයන් සිදු කිරීම අත්හිටවූ බවයි.
කෙසේ වෙතත් මෙම තහනම් කාල සීමාව තවත් දිගු විය හැකි බව ද එම සමාගම වැඩිදුරටත් පවසා තිබේ.
Google සමාගම පවසන්නේ, ජනාධිපතිවරයාගේ ගිණුම ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් වන සිය සමාගමේ නීති කඩ කර ඇති බවයි.
Google සමාගම මෙම තීරණයට එළැඹෙන්නේ, YouTube ආයතනයට එරෙහිව දැන්වීම් වර්ජනයක් සංවිධානය කරන බවට සිවිල් අයිතිවාසිකම් කණ්ඩායම් තර්ජනය කිරීමෙන් පැය කිහිපයකට පසුව වීම ද විශේෂත්වයකි.
මේ අතර ප්‍රචණ්ඩත්වයට තුඩු දෙන පණිවුඩ යොමු කිරීමේ හේතුව මත පදනම්ව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර්(Twitter) ගිණුම ද ස්ථිරවම අත්හිටුවීමට ට්විටර් සමාගම පසුගිය දා තීරණය කළේ ය.
වොෂින්ටනයේ කැපිටල් හිල් වෙත එල්ල වූ ප්‍රහාරයත් සමග අමෙරිකානු ජනාධිපතිවරයාට Facebook ගිණුම හරහා අදහස් පළ කිරීම ද අවහිර කෙරිණ.
පසුගිය 7 වනදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහයකයින් වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් හෙවත් කොංග්රස් මණ්ඩල ගොඩනැගිල්ලට කඩා වැදී සිදු කළ කළහකාරී සිදුවීමෙන් පසු පුද්ගලයින් 4 දෙනෙක් ද ජීවිතක්ෂයට පත්වූහ.
- පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු කොරෝනා
- තවත් ලෝක නායකයෙකුට කොරෝනා
- චීනය – තායිවාන නොසන්සුන්තා ඉහළ යන ලකුණු
- ග්‍රාම නිලධාරී වසම් 10ක Lockdown ඇරේ…
- ඉන්දියාවේ ගොවීන් ට්‍රැක්ටර් රැළියකින් දිල්ලියට එන්න සැරසෙයි..
- ප්‍රදේශ කිහිපයක් Lockdown…
- යුරෝසන් නැවේ අනතුරින් රාවණා පරයේ සංවේදී කලාපයට හානි සිදුව ඇත්නම් වන්දි ගැනීමට සැලසුම්..
- නැගෙනහිර ජැටියේ යෝජනා අධ්‍යයන අනු කමිටුව අද රැස්වෙයි..
- බස්නාහිර පළාතේ O/L සිසුන් අද සිට පාසලට..
- තවත් කොරෝනා මරණ 03ක්..