මෙරට නවතම කොරෝනා තත්ත්වය

කොරෝනා ආසාදිතයින් වාර්තාවූ දිස්ත්‍රික්ක හා ප්‍රදේශ ලැයිස්තුව මෙන්න

by Sagarika Chathumali 13-01-2021 | 9:15 AM

COLOMBO (News 1st) : අද (13) උදෑසන වනවිට මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 588 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

පසුගිය පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් අතරින් 4 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ, විදෙස්ගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් අතරිනි. ඉතිරි ආසාදිතයින් 584 දෙනා දේශීයව හඳුනා ගෙන ඇති අතර ඊයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 158 දෙනා වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 147 දෙනෙකු වාර්තා වී ඇති අතර මහනුවරින් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 43 කි. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේ ආසාදිතයින් 33 දෙනෙකු හඳුනා ගෙන තිබේ. කොළඹ වැඩිම ආසාදිතයින් වන ආසාදිතයින් 23 දෙනා කොල්ලුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බියගමින් වාර්තාවී ඇති අතර එම සංඛ්‍යාව 38කි. මේ වන විට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 49537ක් ලෙස වාර්තා වී ඇති අතර පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 42,621කි. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 6672 ක් පමණි. ගෙවුණු දිනයේ කොරෝනා මරණ 4 ක් වාර්තා වීමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව ද 244 ක් දක්වා ඉහළ ගියේ ය. ඊයේ දිනයේ කොරෝනා මරණ වාර්තා වූයේ, කොළඹ 13, හංවැල්ල, මාතලේ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලිනි. අද උදෑසන වන විට විදෙස් විදෙස් රටවල සිට පුද්ගලයින් 197 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර අද දිනයේ තවත් 48 දෙනෙකු පැමිණීමට නියමිත අතර එලෙස පැමිණෙන සියලු දෙනා ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙනු ඇති. නිරෝධායන මධ්‍යස්ථාන 80ක් තුළ පුද්ගලයින් 12, 139 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 12, 139කි.