.webp)

කොළඹ වැඩිම ආසාදිතයින් වන ආසාදිතයින් 23 දෙනා කොල්ලුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බියගමින් වාර්තාවී ඇති අතර එම සංඛ්‍යාව 38කි.
මේ වන විට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 49537ක් ලෙස වාර්තා වී ඇති අතර පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 42,621කි.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 6672 ක් පමණි.
ගෙවුණු දිනයේ කොරෝනා මරණ 4 ක් වාර්තා වීමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව ද 244 ක් දක්වා ඉහළ ගියේ ය.
ඊයේ දිනයේ කොරෝනා මරණ වාර්තා වූයේ, කොළඹ 13, හංවැල්ල, මාතලේ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලිනි.
අද උදෑසන වන විට විදෙස් විදෙස් රටවල සිට පුද්ගලයින් 197 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර අද දිනයේ තවත් 48 දෙනෙකු පැමිණීමට නියමිත අතර එලෙස පැමිණෙන සියලු දෙනා ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙනු ඇති.
නිරෝධායන මධ්‍යස්ථාන 80ක් තුළ පුද්ගලයින් 12, 139 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 12, 139කි.