
The Voice Sri Lanka විශේෂ ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි..
The Voice Sri Lanka විශේෂ ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ලාංකේය රූපවාහිනී රියැලිටි වැඩසටහන් කලාවේ නවතම අත්දැකීම, “ද වොයිස්,”(The Voice Sri Lanka) විශේෂ ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබුවේය.
ද වොයිස් ශ්‍රී ලංකා වැඩසටහන නිෂ්පාදනය කිරීමේදී සිරස ටී.වී. දක්වන සුවිශේෂී දක්ෂතාවය වෙනුවෙන් එය පිරිනමනු ලැබුවේ, ද වොයිස් ජාත්‍යන්තර වරලත් සන්නාමය හිමි අයි.ටී.වී. ග්ලෝබල් ආයතනයයි.
ලොව පුරා රටවල් 145 ක පමණ විකාශය වන වරලත් වැඩසටහනක් වන “ද වොයිස්,”, සිරස ටීවී ලාංකිකයින්ට සමීප කළේ පසුගිය නොවැම්බර් මස 21 වැනි දා සිටයි.
උසස් තාක්ෂණික ප්‍රයෝග සමග ජාත්‍යන්තර වැඩසටහනේ සම්මත ආකෘතිය රැක ගනිමින්, ද වොයිස් මෙරට ප්‍රේක්ෂකයින් අතරට ගෙන ඒමට තිරය පිටුපස ක්‍රියාත්මක වන්නේ දැවැන්ත මෙහෙයුමකි.
“ද වොයිස්,” වැඩසටහන හරහා ගායන ලෝකයට පා තැබූ තරුණ තරුණියන් මේ වන විට ජාත්‍යන්තර වේදිකාව ද අතික්‍රමණය කර අවසන්ය.
අමෙරිකාව, රුසියාව, එංගලන්තය, නෙදර්ලන්තය වැනි ප්රමුඛ පෙළේ රටවල තරගකරුවන් අභිබවා මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ එලෙස ජාත්‍යන්තරය ජය ගන්නට, මෙරට “ද වොයිස්,” ගායන තරු සමත් වීම විශේෂත්වයකි.
එම්.ටී.වී. / එම්. එන්ටර්ටේන්මන්ට් ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල් මහතා සම්මානය පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
“මෙය අප වෙත ලබාදීම සඳහා ඔවුන් සලකා බලනු ලබන කාරණා කිහිපයක් තිබුණු බව තමයි අපිට දැනගන්නට ලැබුණේ. ඉන් ප්‍රධානතම කාරණය වෙන්නේ තාක්ෂණික වශයෙන් මේ වැඩසටහන පැවැත්වීම කෙරෙහි අප දක්වනු ලබන කුසලතාවය. අනිත් කාරණය තමයි මේ වැඩසටහනට සහභාගිවන තරගකරුවන්ගේ ගායන කුසලතාවයන්හි තිබෙන්නා වූ ගුණාත්මකභාවය, ඒ පිළිබඳවත් ඒ වගේම ඔකෙස්ට්‍රා එක එහෙම නැත්නම් සංගීතය සපයන ඒ වාද්‍ය වෘන්දය සහ විනිශ්චය මණ්ඩලයේ එහෙම නැත්නම් කෝචස්ලගෙ තිබෙන ඒ විශේෂ කුසලතාවය සළකලා බලලා තමයි ජාත්‍යන්තර වශයෙන් මේ වැඩසටහනේ ගුණාත්මකභාවය අනුව අපට මේ සම්මානය හිමිව තියෙන්නේ”
මෙරට ටෙලිවිෂන් ප්‍රේක්ෂකයින්ට වරලත් රූපවාහිනී වැඩසටහන් මෙන්ම නිර්මාණාත්මක රියැලිටි අත්දැකීම් සමීප කළ සිරස ටීවී නවතම ජාත්‍යන්තර අත්දැකීම, “ද වොයිස්,” අවසන් මහා තරගය ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන්ය.
- ග්‍රාම නිලධාරී වසම් 10ක Lockdown ඇරේ…
- ඉන්දියාවේ ගොවීන් ට්‍රැක්ටර් රැළියකින් දිල්ලියට එන්න සැරසෙයි..
- ප්‍රදේශ කිහිපයක් Lockdown…
- යුරෝසන් නැවේ අනතුරින් රාවණා පරයේ සංවේදී කලාපයට හානි සිදුව ඇත්නම් වන්දි ගැනීමට සැලසුම්..
- නැගෙනහිර ජැටියේ යෝජනා අධ්‍යයන අනු කමිටුව අද රැස්වෙයි..
- බස්නාහිර පළාතේ O/L සිසුන් අද සිට පාසලට..
- තවත් කොරෝනා මරණ 03ක්..
- තවත් කොරෝනා ආසාදිතයින් 492ක්
- මෙරට කොවිඩ් එන්නත් කිරීමේ කටයුතු ලබන සතියේ සිට – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
- හුදෙකලා ප්‍රදේශ කිහිපයක වෙනසක්..