BREAKING : රන්ජන් රාමනායකට සිව් වසරක සිරදඬුවම්

BREAKING : රන්ජන් රාමනායකට සිව් වසරක සිරදඬුවම්

by Staff writer 12-01-2021 | 10:56 AM

COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර 4 ක සිර දඬුවමක් නියම කෙරිණ.

ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවටයි. නඩුව අද කැඳවනු ලැබුවේ, සිසිර ද අබෲ, විජිත් මලල්ගොඩ සහ පී. පද්මන් සුරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි. රාමනායක මහතා 2017 අගෝස්තු 21 වනදා අරලියගහ මන්දිරය අසලදී මාධ්‍ය හමුවේ, අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව, පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බැවින් එකී චෝදනාවට ඔහු වරදකරු කරන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ලේ සභාපති සිසිර ද ආබෲ මහතා ප්‍රකාශ කළේ ය. එම ප්‍රකාශය ඔහු සිදුකර ඇත්තේ, චේතනාන්විතව බවත් නඩු විභාගයෙන් පසුව අධිකරණයෙන් නික්ම යන අවස්ථා කිහිපයකදීම ඔහු කළ ප්‍රකාශ මගින් තහවුරු වී ඇතැයි ද සභාපති විනිසුරුවරයා තීන්දුවෙන් දැනුම් දුන්නේ ය. විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණ අපහාස කිරිමේ චෝදනා යටතේ නඩු පවරනු ලැබී ය. https://www.youtube.com/watch?v=7gZn9NroVDo&feature=youtu.be