රන්ජන් රාමනායක නිරෝධායනයට

රන්ජන් රාමනායක නිරෝධායනයට යොමු කෙරේ

by Staff writer 12-01-2021 | 12:00 PM

COLOMBO (News 1st) : වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඔහු පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය වෙත යොමු කළ බවයි. 2017 වසරේදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ මන්ත්‍රීවරයාට අද එලෙස සිර දඬුවම් නියම කෙරිණ.

සබැඳි පුවත්...

BREAKING : රන්ජන් රාමනායකට සිව් වසරක සිරදඬුවම්